බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා
කඳුළු සලා ඉකිබිඳලා
ඔය නිල් ඇස්දෙක රතුකරලා
සිහිල සොයා අපි සමුගත්තා
නොදැනිම දස වසරක් ගෙවිලා
යලි එක තැන හමුවීලා
මට නම් වෙන්න එපා
මට ද මා හිමි නැති හින්දා
බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා
සිහින පුරා ඔබ එනවා
නින්දක් නෑ මුළු රැයගෙවිලා
ආයෙත් එන්නට බෑ පියඹා
ඇයට මගේ හිත දුන් හින්දා
කඳුලට නැවතුම තියලා
අමතක කරන්න මා
මට ද මා හිමි නැති හින්දා
බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා
No comments:
Post a Comment