සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් - තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්
[2x]
එදා සොඳුරු - හිතැත්තී
වුණා කඳුළු - තනන්නී
නුරා ආල - පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
තරු රෑක ගිමන්හල් - තනිකමේ වරු ගණන්
උඳුරන්න බැරි තරම් - ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් - පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් - මියැදේවි තත්පරෙන්
[2x]
එදා සොඳුරු - හිතැත්තී
වුණා කඳුළු - දනන්නී
නුරා ආල - පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
කවිකාර මතකයන් - නොදොඩාවි හෙට ඉදන්
තනි පාළු අඳුරකින් - නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් - ඉවසන්න හුරුකරන්
නොකියාම ජීවිතෙන් - බොඳවුණා නුඹෙ සුසුම්
[2x]
එදා සොඳුරු - හිතැත්තී
වුණා කඳුළු - දනන්නී
නුරා ආල - පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් - තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් - ඉගිලුනා ඔබ මගෙන්
[3x]
එදා සොඳුරු - හිතැත්තී
වුණා කඳුළු - දනන්නී
නුරා ආල - පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
No comments:
Post a Comment