නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මාල හතක් පලන්ද ගෙන දොලාවක යන්න
මුළු ගම්මානේම හොල්මන් වෙන ලොකු මගුලක් කන්න
කවුරුත් නැති හැන්දෑවක තුරුළු වෙලා උන්න
ඇස් දෙක පල්ලා හිතුනා එදා මෙහෙ බින්න බහින්න
මෙහෙ බින්න බහින්න
නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ
හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයි තරම් ගැටිස්සියන්ගේ හිත බැදෙන්නැද්ද ඌට
කවුරුත් නිකමටවත් නොබලපු මගේ හැඩ පාට
බලාපු උඹ මැණිකක් අක්කේ මේ මලයාට
අක්කේ මේ මලයාට
නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මම උඹව හොයන් එනවාමයි කවදා හරි අක්කේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මම උඹව හොයන් එනවාමයි කවදා හරි අක්කේ
No comments:
Post a Comment