දිවියම වාගේ
දියකර ප්‍රාණේ..
දුකසේ දිවි
ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ
සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ
ආදර තාත්තයි..
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරණ
තාත්තා..
බිම වැටිලා
වදිනෙමි මා
මගෙ බුදු
තාත්තා...//
දිව රෑ දෙකේ
වෙලිලා දුකේ
සැනසීම දන් දී
ඔබේ..
දරුවන් නිසා
විදිනා සොවේ..
දෙවියන් ද
පුදුමෙන් සැලේ..
මේ සංසාරේ පිං
වැස්සාවේ
වදිමී සැමදා
රජුනේ...
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරණ
තාත්තා..
බිම වැටිලා
වදිනෙමි මා
මගෙ බුදු
තාත්තා...//
සිතුසේ නොබී
සිතුසේ නොකා
දරුවන්ට
දුන්නා සුවේ..
බෝසත් ගුණේ
පුරනා නිසා..
නිවනින්ම
සැනසුම් ලැබේ..
මේ සංසාරේ පිං
වැස්සාවේ
වදිමී සැමදා
රජුනේ...
දිවියම
වාගේ...//
No comments:
Post a Comment