වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං අදරෙන් සෑමදා
දෙනයන ඔබගේ සිහිවන මොහොතේ
හදාගන්න බෑ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගිය සේ
දමා යන්න බෑ මට ආයේ
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං අදරෙන් සෑමදා
වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
බලා ඉන්න බැරි නෙතට මගේ
කදුලැලි ඉනුවේ දුකටයි මහදේ
දරා ගන්න බැරි තැනම ලදේ
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා
වැරදි කරලා...........
No comments:
Post a Comment