කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
No comments:
Post a Comment