වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කළා
එය නොසලකා ඔබ අද
මගේ හිත එක්ක සෙල්ලම් කළා
අපේ වයස් පරතරය කිසිදා නෑ
ඕනේ අප වෙතට කියලා
මගේ හිසට ඔබේ සුරත තියලා
දිවුරුම් දහස් ගණන් පුරවා
වරද මා.... පිට තියා..
මගේ පෙමට දෙපයින් ගසා
ඔබ ගියා ඇයි කියලා
නෑ තරහා ඔබ එක්ක මා
ගිය තැන හොදින් ඉන්නට
කියා මම ඔබට සුභ පතනවා //
දින මාසයක් ගියත් ගෙවිලා
මග තොටක හරි ඔබව දැකලා
දුක තුනී කරගන්න හැමදා
රත්තරනේ මම ඇඟිලි ගන්නා
එලබෙනා ආත්මයේ
වෙන කාගෙවත් වෙන්නෙපා
මට අපෙ දෑත ඕනේ
අන්සතු වුනත් මට මෙදා
ගිය තැන හොදින් ඉන්නට
කියා මම ඔබට සුභ පතනවා
No comments:
Post a Comment