ඔබ මා හමුවන
අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය
යලි මට දෙනු මැන
මා ගැන මතකය
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ
ඔබ ගත මා වෙත
සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ
මට මා නැතිකල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැතිකල
ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ
ඔහුවෙත වූ ඔබ
මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩකල
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගෙ හැඩකල
ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ
කදුලකි ජීවිතේ මගේ
ඔබ මා හමුවන
අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය
යලි මට දෙනු මැන
මා ගැන මතකය
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ
No comments:
Post a Comment