Wednesday, July 13, 2016

Dandu Watata Lyrics | දඬු වැටට - Iraj Weerarathna




දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගැවුනේ කොහොම සොයනා
අවිගත්තු පින්වත්තු දාගැබට විදලා

උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා
කෝවිලට ගිනිබින්ද වෙඩි උණ්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා

දහඩියම දෑවද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැදලා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...