Saturday, January 4, 2020

Asai Pawasanna Lyrics | ආසයි පවසන්න - Dimanka Wellalage


ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් උනා ඒක අපේ වෙලාව

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න

මල්පෙති වාගේ සිනිදු දැත මං තද කරගෙන අල්ලා
තොල්පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා
යොවුන් සුවඳ රැදි සුමුඳු මුවඟ සිප ගනිමින් රස වින්දා
ආයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න

නම් දෙක ලියලා තැන් තැන් වල අපි අපේ වෙන්න පතලා
හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ උනා
තනිකම ජීවිතයට ලංවී දැන් එයටම පුරුදු වෙලා
නුඹෙන් මිසක හොද ආදරයක් නෑ දෛවේ ලියවීලා

ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් උනා ඒක අපේ වෙලාව

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න

ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...