Wednesday, July 24, 2019

Sudu Nangi Lyrics | සුදු නංගී - Dimanka wellalage


කණගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මං යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි
ඔබගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නන් මාගේ ආයුෂත් කොටයි

දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

අරමුණකින් තොරවූ මිනිසෙක්
වාගෙයි මං ඔබ ලැබෙනාතෙක්
අපහසුවෙන් හිත හසුරුවමින් බලන් ඉන්නවා
අඩු තරමින් නැද්දෝ දැනුවත්
මා ගැන ඇසුවද කේලම්වත්
අත තියමින් හිස මුදුනින්
දැන් දිවුරන්නද මා

හදවත් නහරේ කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්

දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

දුරකතනෙට හෝ එක පාරක් 
අමතාපන් එය සැනසීමක්
වැලි පොලොවට දිය බින්දක් සේ 
සතුටක් ගේනා
ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරිකෙනෙකුට නම් 
රැවටෙන්න එපා

හදවත් නහරේ කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්

කණගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මං යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි
ඔබගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නන් මාගේ ආයුෂත් කොටයි

දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක
 සුදුනංගී
 සුදු නංගී

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...