Friday, October 30, 2020

Manik Kate | මැණික් කැටේ - Rukshi (Serious)




ලෝකයේ විසු
ජිවිතේ බඳු
එක් හිතයි පැතු
එ ඔබේ සුදු
අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ
ආදරේ නිසා
අපරාදේ මම ඔබ වෙනුවෙන් මගේ
කාලේ වැය කරා

හදවතේ තෙතමනේ 
සඟවාගෙන ගලක් වගේ
මගේ දුකේ හිනහුනේ 
ඔබ කොහොමද මැණික් කැටේ
[2x]

කොච්චර කාලයක් වෙහෙසුනත්
තව හිතකට යන්න හිත හදන්
ඔබ අමතක කරන්න මොහොතක්
මතක නැති උනා
නැතිවද මේ ලොවේ කොහෙවත්
ස්ථිරයි කියා ප්‍රේමයක්
තේරුම් කෙරුවට දහස් වරක්
තුති පුදනෙමි මා

හදවතේ තෙතමනේ 
සඟවාගෙන ගලක් වගේ
මගේ දුකේ හිනහුනේ 
ඔබ කොහොමද මැණික් කැටේ
[2x]

හීනෙන්වත්  ඇවිත් එක වරක්
කිවොත්  හිත හැදෙන්නට යමක්
ඒ දේ මට මහා සැනසුමක් වේවි සැමදා
සංසාරේ නොවි හිර ගෙයක්
මං වගේ කෙනෙක් ආයෙමත්
ලැබුනොතින් ඒක අරුමයක්
කිසිදා නොවෙනා

හදවතේ තෙතමනේ 
සඟවාගෙන ගලක් වගේ
මගේ දුකේ හිනහුනේ 
ඔබ කොහොමද මැණික් කැටේ
[2x]


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...