Wednesday, December 28, 2016

Chandra Mandale Lyrics | චන්ද්‍ර මණ්ඩලේ - Sunil Edirisinghe














චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ 
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ 
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ 
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ 



ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ 
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර  මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ 

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

චන්ද්‍ර  මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...