Thursday, September 29, 2016

Pooja Karannam Lyrics | පූජා කරන්නම් - Sandun Perera


පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ

පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දෛවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ

පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්

පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
 මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ

පිංවන්ත වූ ඔයා..


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...