Sunday, March 12, 2017

Deveni Inima Theme Song | ලංවෙලා වස්සානයේ ( දෙවෙනි ඉනිම තේමා ගීතය )

  
 ලංවෙලා වස්සානයේ 
උද්‍යානයේ පුරා
වෙන්වෙලා ගිම්හානයේ 
දුක් වේදනා දරා
කඳුලින්ම ගී ගැයූ 
සමනල් යාලුවේ අසන්
හිත්යාය මත අපේ
මල් යාය යලි පිපේ

තෙත කඳුලැලි රැඳි 
නෙත මත සායම් රන්ඳා
සිත සිතුවිලි මත 
සිත සිත සිතුවම් ඇන්ඳා
රහසින් කොඳුරා හදවත උදුරා
රහසින් කොඳුරා හදවත උදුරා
කඳුලින්ම ගී ගැයූ
 සමනල් යාලුවේ අසන්
හිත්යාය මත අපේ
මල් යාය යලි පිපේ

තනියම තනිවී 
තැන තැන තනිකම විඳිනා
තනි මට තනිකම නැතිවෙන 
දවසක් ඕනා
හිත ලඟ එතෙනා 
මං ගැන හොයනා
කඳුලින්ම ගී ගැයූ 
සමනල් යාලුවේ අසන්
හිත්යාය මත අපේ
මල් යාය යලි පිපේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...