Thursday, September 28, 2017

Gedi siyayak Lyrics | ගෙඩි සියයක් - Nanda Malini


ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ
                                ගස් හොළවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ ඉන්න වංගියේ

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ
පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...