Thursday, September 28, 2017

Nidukin Inumena Lyrics |නිදුකින් ඉනු මැන - Dimanka Wellalage


නිදුකින් ඉනු මැන මටවඩා කල් 
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක 
ඔබට ලැබෙනු එපා
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා 
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා


රණ්ඩු කරගෙන යාළු වෙන්නට 
හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම 
දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් 
යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ 
ඉන්න බැරි තැනමයි
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට 
දැනෙන දුක අහසට සමයි
හංඟගෙන තව ඉන්න බෑ මට 
ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත් 
ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ 
රත්තරන් ඔබමයි

නිදුකින් ඉනු මැන මටවඩා කල් 
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක 
ඔබට ලැබෙනු එපා

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා 
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා 
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...