Thursday, February 1, 2018

Sudu None Lyrics | සුදු නෝනේ - Chamara Weerasinghe



ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරු කැට දෙක තුනක තනිකම මකන්නට
මට බැරි වේවි නුඹහට මෙන් විටින්විට
වරදින් මිදී නුඹ යළි ආවොතින් ගෙට
වරදක් කියන් නෑ කවදාවත් නුඹට

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම
තනියම කොහොම පැටවුන් නිදි කරන්න ද
දරුවන් නිසාවත් යලි ආවොතින් ගෙට
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම


ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ

කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ

හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...