Monday, March 5, 2018

Galana Ganga Lyrics | ගලන ගඟක - Ravi Jay Ft Charith Attalage


නීල දෑස හා දොඩවන්නම්
වළලු හඩට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්

ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

Ravi Jay:

ලෞකික සැප කාලය කඩා
නිමක් නිර්වානෙට පිවිසෙන
පංච ස්කන්ධයක අස්ථිර ගතිය
මෙනෙහි මෙනෙහි
මං තාපසෙක්ම විය නුඹ දකින
පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල
තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක
සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
බිඳුනා මගේ සම වැදි සිටි
දැහැන මෙතු කලක් කැළඹිලා
සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
ඔයාගේ හේතු මුල
මගේ හේතුඵල
ගොළු වෙලා අන්ධව අතර මග කිමද
ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
විදනසින් වරූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

Charitha:
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඩට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්

ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...