Tuesday, August 7, 2018

Oba Henayak Vage Lyrics | ඔබ හීනයක් වගේ - Deepika Priyadarshani Peiris


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි
[2x]
  මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරා 
මම මඟ බලා සිටියා
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් රෝදකට 
සවන් දොර හැරුනා

තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...