Wednesday, July 11, 2018

Divuranna Baha | දිවුරන්න බැහැ නේද - Thushara Joshap


හදවතෙ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනිනම් දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ
[2x]

තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා
ලෝකයක් මටත් නුඹ වගේ
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ ඒ වගේ

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි

දිවුරන්න බැහැ නේන්ද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ
[2x]

නුඹව දණ ගස්සලා වැරදි හරි ගස්සලා
නෑ පලක් මට නම් තව නුඹේ
කාටවත් රිද්දලා ඕනේ නෑ සැරසිලා
විඳින්නට බෑ බලෙන් ආදරේ

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි

හදවතෙ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනිනම් දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ


දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ
[2x]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...