Wednesday, September 25, 2019

Hangagena sitiya Lyrics | හංගාගෙන සිටියා මා සිතක කොනේ - Kavindya Adhikari



හංගාගෙන සිටියා මා සිතක කොනේ
හංගාගෙන සිටියා මා සිතක කොනේ
නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා

ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා

ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්යයි
දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
සිහින් ඇස් පියන් කොහේ දෝ රැගෙන යයි
නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
ඔය හිත නොහඳුනනවා නෙමෙයි
ජීවිතය ගැන බයයි
ආදරයේ නිසි අරුත තව සොයයි
ආදරයේ නිසි අරුත තව සොයයි

හංගාගෙන සිටියා මා සිතක කොනේ
 හංගාගෙන සිටියා මා සිතක කොනේ
වෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...