Friday, October 30, 2020

Hitha hadu kena | හිත හැදු කෙනා - Manjula Dilrukshi


      

හිතුවෙම නැති දේම සිදුවේයි ලොවේ

අපි අතර දැන් ඉතුරු මතකයම වේ

කාටත්ම පුදුමයි කොහෙද වැරදුනේ

මගේ ආදරේ නෑ පරිස්සම් උනේ

හිත හැදු කෙනා කවුද හැර යන්න මා

මේ වගේ දුක කාටවත් දෙන්න එපා

[2x]


අපි අපිට අයිතිම නෑ දැන් සිතා

මගේ කිරුල පළදන්න ඇය හිස මත

හිමි නැතිව මා දැවෙනවා සියවර

මගේ දින පොතේ අකුරු හැඩ නෑ අද


හිත හැදු කෙනා කවුද හැර යන්න මා

මේ වගේ දුක කාටවත් දෙන්න එපා

[2x]


ගානක්ම නෑ වාගේ යන්තමටවත්

ඉන්නේ ඔයා කොහොම පුදුමයි මටත්

උදුරන්න බෑ අන්සතු කිසි දෙයක්

යහතින් ඔයා ඉන්න කොතැනක උනත්


හිත හැදු කෙනා කවුද හැර යන්න මා

මේ වගේ දුක කාටවත් දෙන්න එපා

[2x]


හිතුවෙම නැති දේම සිදුවේයි ලොවේ

අපි අතර දැන් ඉතුරු මතකයම වේ

කාටත්ම පුදුමයි කොහෙද වැරදුනේ

මගේ ආදරේ නෑ පරිස්සම් උනේ


හිත හැදු කෙනා කවුද හැර යන්න මා

මේ වගේ දුක කාටවත් දෙන්න එපා

[2x]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...