Wednesday, October 21, 2020

Rawana Lyrics | රාවණ - Chanuka Mora



මාරක මර සෙන් බල බිඳ
සූරණ ඝොර මහා වැසි මැද
නැගිටිනු යක දේසෙන් නොපමාවමා
සීගිරි පුර ගල් අසුනට
යක් අසු නා රක් සිව් හෙළයට
වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ

රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
සිව් හෙළය රජ කෙරුවෝ වේ
ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ යක්කයෝ අපිද
සිව්හෙළේ උරුමක්කරුවෝ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ

සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සීතා වෙලා දැන්
වැරදි කටකතා යැව්වා උන්
එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට
ඇයව වැරදි වැටහීමකින් සටන් ඇති උනා
අද වගේම එදාම
අපෙ රට විනාශ වෙලා
බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් භේද නැති යක්කු ඒ
අපේ දුවන්නේ රාවණ ලේ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...