Wednesday, August 9, 2017

Mage ne Lyrics | මගේ නේ -Soorya Dayaruwan


ඕ..මේ රූ කාගේදෝ 
සුරඟන දෑසක් දෝ 
හීනෙන් ආවාදෝ 
හැබැහින්ම දෝ 
හුස්මට සමවී දෝ 
දෙතොලේ පිරුනාදෝ 
මාගෙ හදගැස්ම නුඹ මාගේමදෝ 

ඕ  හිනැහෙන්න 
ලංවෙන්න අත් අල්ලාගෙන ඉන්න
 ආදරේ මගේ නේ 
ඕ  හිනැහෙන්න 
ලංවෙන්න අත් අල්ලාගෙන ඉන්න
 ආදරේ මගේ නේ 
ජීවිතේ පාර කී 
තාරුකා ඇස් දෙකේ 
වෑහෙනා ආදරේ මගේ නේ 

ඕ..සිහිනිඟ නැළවෙද්දී 
සීතල මල් වැස්සේ 
සිතුවිලි රැලි සයුරේ සසැලෙන්නෙමි 
සියුමැලි කන්පෙත්තේ 
සතපා තොල්පෙත්ත 
සියොලග හැම රෑක කවි අතුරමි

ඕ  හිනැහෙන්න 
ලංවෙන්න අත් අල්ලාගෙන ඉන්න 
ආදරේ මගේ නේ 
ඕ  හිනැහෙන්න 
ලංවෙන්න අත් අල්ලාගෙන ඉන්න
 ආදරේ මගේ නේ 
ජීවිතේ පාර කී 
තාරුකා ඇස් දෙකේ 
වෑහෙනා ආදරේ මගේ නේ 

ඔය නුඹේ සිනාකැන්  කාගේදෝ 
පෙම් හැඟුම් දැන් කාටදෝ 
මේ වසන්තේ කාගේදෝ 
මගේ නේ 
ඔය නුඹේ සිනාකැන්  කාගේදෝ 
පෙම් හැඟුම් දැන් කාටදෝ 
මේ වසන්තේ කාගේදෝ 
මගේ නේ 


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...