Friday, August 25, 2017

Vinde Nubayi Lyrics | වින්දේ නුඹයි - Shashika Nisansala


වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම්

බෑ බලන්නට දෑස්  දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
[2X]

පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කඳුළු
සිඳී නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදි විදවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ

බෑ බලන්නට දෑස්  දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා

දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු
කාත් කවුරුත් අදලග නෑ මිසක නෙතේ කඳුළු
රිදි රිදි විදවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ

වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම්

බෑ බලන්නට දෑස්  දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
[2X]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...