Thursday, June 7, 2018

Sudu Lyrics | සුදූ - Milinda Sandaruwan

Image result for sudu milinda sandaruwan


දෛවයේ  ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
 [2x] 

වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මා කියන්නම්
අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං

මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[2x]

කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන්
හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්

දෛවයේ ලියැවී තිබු සෑම දේ ලැබුණත් පැතු
මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු

මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදු
[3x] 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...