Thursday, March 22, 2018

Mata Kiyanna Hema Deyakma | මට කියන්න හැමදෙයක්ම - Nadeeka Jayawardane


මට කියන්න හැමදෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල
මෙනෙහි කරමින් අඳුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකිවේද සිතනු රිසින්

මට කියන්න හැමදෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

දුක රැඳෙයිද හැම දිනක්ම
නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොඳුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න හැමදෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න
[2x]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...