Wednesday, July 4, 2018

Andara Yaye Lyics | අන්දර යායේ වැව්තාවුල්ලේ - Karunarathna Divulgane



අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී

[2x]


වළාකුලේ දා බිදු තවරා 
මහපොළවට මහ වැසි ගෙනෙනා
වළාකුලේ දා බිදු තවරා 
මහපොළවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද 
පිතු සෙනෙහේ කඳුලැලි සලනා

අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා

අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...