Wednesday, August 7, 2019

Sanda panak se Lyrics | හඳ පානක් සේ ඇවිදින් - Athula Adhikari & Samitha Mudunkotuwa


හඳ පානක් සේ ඇවිදින් 
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට 
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් 
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ 
නුඹ නොවෙදෝ මා සිත් අහසට
[2x]

දූවිලි හුළඟින් පිරුණත් 
ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ 
මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ 
ගම්මානය අත්හරින්න බෑ

හඳ පානක් සේ ඇවිදින් 
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට 
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් 
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ 
නුඹ නොවෙදෝ මා සිත් අහසට

අප දෙන්නා මුණ ගැස්වූ 
මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ 
මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා
 මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ 
මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් 
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට 
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් 
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ 
නුඹ නොවෙදෝ මා සිත් අහසට
[2x]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...