Thursday, August 8, 2019

Heta aluth aluyamak Lyrics | හෙට අළුත් අළුයමක් - Kasun Kalhara


හෙට අළුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා
බලා හිදී වළාකදු යටින්
ලාහිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න 
ආලෝකමත්
අප හමුවීම කරන්න 
ආ....ලෝකමත්

සුලඟ ගල් ගැහී
හමා නොයේ ඈත කඳු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න 
අසිරිමත්
අප හමුවීම කරන්න 
අසිරිමත්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...