Thursday, October 12, 2017

Oba Sandak Mayi | ඔබ සඳක් මැයි - Nirosha Virajini



ඔබ සඳක් මැයි 
සඳ මගේ මැයි 
විඳවනා කඳුළින් 
ලතවෙනා සුසුමින් 
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

වලා පීරා නැඟෙනු නොව
තාරකා මැද දිලෙනු නොව
ගිම්හාන රාත්‍රියේ
විසල් ගම් බිම් නිවනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් මැයි 
සඳ මගේ මැයි 
විඳවනා කඳුළින් 
ලතවෙනා සුසුමින් 
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

කළල් දිය මත රඳනු නොව
කුමුදකට පෙම් බඳිනු නොව
හුදකලා රාත්‍රියේ
අරුත් සුන් සිත් තැවෙනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන
ඔබ සඳක් මැයි 
සඳ මගේ මැයි 

විඳවනා කඳුළින් 
ලතවෙනා සුසුමින් 
මුදවනා
ඔබ සඳක් මැයි

සඳ මගේ මැයි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...