Wednesday, October 4, 2017

Yali Hamu Vemu Lyrics | යලි හමුවෙමු - Nirosha Virajini



පෙති පුරා සුවඳ විහිදුනු අනන්තයේ යලි හමුවෙමු 
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යලි හමුවෙමු 
බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරෙයෙන් යලි හමුවෙමු 
මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේ වත් අපේ වෙමු 

කතර සරු කල දිය උපත අපි වෙමු 
ගිරි දුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු 
මහ මුහුද පෙම් බඳින ශිත ඉම ඔබ ඉනු 
සැඩ සයුරු රලින් පෙරලී වෙරළට සමුදෙමු 

නිමක් නොමැති අහසේ කොනටම පියඹමු
මහ පොලවේ ඉඩ නැතිනම් වලාවක අපි ඉමු 
සැඩ වැස්සට නොතෙමි පිහාටුවක් ඉහලමු 
මේ ආත්මයේ  බැරිනම් මරණින් මතු හමුවෙමු    

පෙති පුරා සුවඳ විහිදුනු අනන්තයේ යලි හමුවෙමු 
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යලි හමුවෙමු 
බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරෙයෙන් යලි හමුවෙමු
මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේ වත් අපේ වෙමු


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...