Sunday, July 14, 2019

Adaraya Agamaki Lyrics | ආදරය ආගමකි - Sandun Perera



ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එය මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නේ මගෙ වේදනාවන්

අනුකම්පා ඔබේ දෑසේ 

දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ 
මේතනින් අවසන් වේ දෝ

[2x]
වැලපිල්ල අහනවද අහසේ සඳූ
දුක්විල්ල වැරදීද කියපන් තරූ
ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු

අනුකම්පා ඔබේ දෑසේ 
දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ 
මේතනින් අවසන් වේ දෝ

[2x]
ආයුෂය දැන දැනම නවතා දැමු
අකුසලය මා හටම අත්වෙයි මතු
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු
ජීවිතය අත් නොහැර රැකගත යුතු

ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එය මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නේ මගෙ වේදනාවන්

අනුකම්පා ඔබේ දෑසේ 
දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ 
මේතනින් අවසන් වේ දෝ

[3x]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...