Wednesday, July 17, 2019

Me palu seetha rathriye Lyrics | මේ පාළු සීත රාත්‍රියේ - Chandralekha Perera



කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා


නිදිමත තරුකැට කඩාවැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිණව බලා හිදී
දකිනතුරා අඩ නුවන් අපේ

සඟවා ළය මත  
ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී 
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

ගහකොල නිසලව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණිකඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම්වදන් අපේ

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී 
ප්‍රේමය නම් මෙයැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...