Monday, July 22, 2019

Eka Yaye Lyrics | එක යායේ - Mangala thagga film Theme song


එක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා
ළිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති

එක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි

එක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...