Monday, July 29, 2019

Rawana Raju Lyrics | රාවනා රජු - Sujatha Aththanayake



රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා
[2X]

රාවන පුරයේ සිවුරඟ සේනා
යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා
රාවන පුරයේ සිවුරඟ සේනා
යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා

මිය යන තුරු මා ඔබ පා සෙවනේ
ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ

රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා

අභරණ පළන්දා රජ සැප පල නෑ
මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා
අභරණ පළන්දා රජ සැප පල නෑ
මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා

පතිකුල කුමරි අතහැර නොයමි
ඔබගේ නාමෙන් මා පතිදම් රකිමි

රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා

රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...