Tuesday, January 14, 2020

Sulaga Nuba Vage Lyrics | සුළඟ නුඹ වගේ - Karunaratne Divulgane


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි 
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
 පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි 
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් 
සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...