Thursday, January 2, 2020

Nuwaraeliye Sisil bavayi Lyrics | නුවරඑළියෙ සිසිල් බවයි - Damith Asanka



නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

ගාලු කොටුවේ බැම්ම වගේ  රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට  මගෙ දුක මම කිව්වා..

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...