Wednesday, January 15, 2020

ගොඩක් ආදරෙයි මං | Godak Adareyi - Sandun Perera


ලබා ගන්න පිං මදි වූ 
බලා සැනසෙන්න හැකිවූ 
ලොවේ යම් කෙනෙක් ඇති නම් ඒ ඔබයි 
නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි 

වැඩිකල් ගත නොවී ඔබ මගේ 
අඩුව තේරුම් ගනී යලි 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං 

ඔබගෙයි මාගෙයි නම් දෙක එක් කරලා 
මතු උපදින පුංචි උන් වෙත නම් තබලා 
හරි අවබෝධෙන් මග සැලසුම් කරලා 
මතකද අපි කාලයක් සතුටින් හිටියා 

වැඩිකල් ගත නොවී ඔබ මගේ 
අඩුව තේරුම් ගනී යලි 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං

කඳුලයි  සුසුමයි සින්නක්කර ලියලා 
ඔබ ගිය තැන ඉන්න බැරි උනොතින් ඔහු හා 
තව එක සැරයක් ආයේ මුණ ගැහිලා  
අපි යමු මේ ලෝකයෙන් සදහට මිදිලා 

වැඩිකල් ගත නොවී ඔබ මගේ 
අඩුව තේරුම් ගනී යලි 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං 
නියඟයක් පැමිණුනත් සිඳී නොයන සාගරේ තරම් 
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...