Monday, January 6, 2020

Yanna Yanavada Lyrics | යන්න යනවද - Nilan Hettiarachchi



අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවද මගෙ සටහන්
එකක්වත් ගැන නොවිමසා 
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට 
අලුත් පෙම් වාසය නිසා 

යන්න යනවද
අර කාලේ මතකද
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන
[2X]

පරිච්චේදය ඉවර කෙරුවට
පොතේ පිටු තව තියෙනවා
සැබෑ අවසානය කියෙව්වම
ඔයත් මං වාගේ හඬනවා
ඔයත් මං වාගේ හඬනවා

යන්න යනවද
අර කාලේ මතකද
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන
[2X]

වැහි බිඳක්වත් නොමැති කතරෙත්
පතොක් මල්  නම් පිපෙනවා 
කිලෝගානට දුක් විඳපු හිත
තාම ඔබ ගැන හොයනවා
තාම ඔබ ගැන හොයනවා

අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවද මගෙ සටහන්
එකක්වත් ගැන නොවිමසා 
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට 
අලුත් පෙම් වාසය නිසා 

යන්න යනවද
අර කාලේ මතකද
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන
[2X]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...