Monday, February 20, 2017

Manaloli Manamaliya Lyrics | මනලෝලී මනමාලියේ - Rookantha & Chandralekha



මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා 
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ 
පායාලා මාගේ ලොවේ



මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා 
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ 
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ


මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා 
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ


මනලෝලී මනමාලියේ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...