Wednesday, February 1, 2017

Pahasara Obe Lyrics | පැහැසර ඔබේ - Centigradz


මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග ව‍ගතොට
මතක අගුලු හැරදාලා


වාවන්නට බැරිතැන දුක්කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුනා

පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ
හද රිද්දනවා රහසේ

මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු
මට කියා දී යන්න

උමතුව අද විලාපදෙන හඬ
අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ
ලය මත ඔය සවන තියන්න

පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ
හද රිද්දනවා රහසේ



1 comment:

Related Posts Plugin for WordPress, Blogger...