Wednesday, February 15, 2017

Pin Madida Danne Na Lyrics | පින් මදිද දන්නෙ නෑ - Samith Sirimanna


වැඳ බුදුන්ගෙන් පවා 
ඉල්ලුවේ මම ඔයා
පින් මදිද දන්නෙ නෑ 
කරුමයද දන්නෙ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන් 
යලි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ 
සුවිශාල මාලිගා
නෑ පලක් ඔයා නැති හින්දා
පව්කාර යයි ඔබ කියූ
අත්දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා
ඉල්ලුවේ මම ඔයා
[2x]

හින්න වස්තුවේ 
මම කියපු වේලේ ඔයා
ගස්සලා ගියේ මියැදෙන්න මට කියා
තේරුමක් නැතත්
ඒ කිවුව වචනේ පවා
මාව පන පිටින් හිද්දීම මියැදුනා
ඔබ වෙනුවෙන් තැනූ
සුවිශාල මාලිගා
නෑ පලක් ඔයා නැති හින්දා

පව්කාර යයි ඔබ කියූ
අත්දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා
ඉල්ලුවේ මම ඔයා

වරදලා ඔයා
තේරුම් අරන් මා එදා
හේතු කාරණා නොඅසාම පිටවුණා
දන්න අය මගෙන් ඇහුවා
ඔයා කෝ කියා
පෑරිලා තිබූ හිත තවත් පෑරුවා
ඔබ වෙනුවෙන් තැනූ
සුවිශාල මාලිගා
නෑ පලක් ඔයා නැති හින්දා

පින් මදිද දන්නෙ නෑ 
කරුමයද දන්නෙ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන් 
යලි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ 
සුවිශාල මාලිගා
නෑ පලක් ඔයා නැති හින්දා

පව්කාර යයි ඔබ කියූ
අත්දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා
ඉල්ලුවේ මම ඔයා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...