Thursday, February 16, 2017

Mada sodagath Pasu Lyrics | මඩ සෝදා ගත් පසු - Chamara Weerasinghe



මඩ සෝදා ගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුණාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා ලන්සුවක් තියන්න
[2x]
මල් පීදෙන රන් ගොයමේ සුවඳ විඳින්න
කවි සී පදයක දැවටී කුඹුරට එන්න
ගම්භාර දෙවියනේ අප වෙත දිවැස් හෙලන්න
බුද්ධ බෝගයට හොඳ නෑ කඳුළු වැටෙන්න


මඩ සෝදා ගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුණාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා ලන්සුවක් තියන්න

අනාගතය ගෙට එනවා දරුවො බලන්න
හෙට්ටු නොකර මුදලාලී කමත මනින්න
උදුරා ගත් ඒ රජකම සිටුවරුනි කරන්න
ගොවි රජාට නිවන් සුවය ලියා එවන්න


මඩ සෝදා ගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුණාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා ලන්සුවක් තියන්න


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...