Wednesday, February 8, 2017

Siyak Ulpath (Appachchi) Lyrics | සියක් උල්පත් (අප්පච්චී) - Kasun Kalhara




සියක් උල්පත් මවා දී 
නිසලවම හිඳිනා 
නමක් නැති මහ කන්ද ඔබ 
අප්පච්චී අප්පච්චී 


ඔබෙන් දිය ලැබ සාර වූ 
තුරුණු කෙත්වතු දෙස බලා 
නොපෙනෙනා තරමින් සිනාසී 
නිසලවම හිඳිනා 
අප්පච්චී අප්පච්චී 

මෙහෙවරට ආවැයි සිතා 

වෙහෙස නොබලා වෙහෙසෙනා 
තෙත් ගුණය මෙත් ගුණය සඟවා 
අකම්පිත වත පා 
අප්පච්චී අප්පච්චී 


සියක් උල්පත් මවා දී 
නිසලවම හිඳිනා 
නමක් නැති මහ කන්ද ඔබ 
අප්පච්චී අප්පච්චී 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...