Saturday, July 15, 2017

Ahasata Sonduruda Lyrics | අහසට සොඳුරුද - Nelu Adikari


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
හිත මැද පෙම්බරකම් සඟවා 
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සුන්දර ඔය වත හින්දම තුන්යම 
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා
[2X]

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා 
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරන්

සොඳුරුද මාහට ඔබ කෙතරම් 
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වේ ලතැවුල්

තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට 
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා
[2X]

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සඟවා 
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක් 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...