Thursday, July 13, 2017

Hara kotiya Theme song Lyrics | හීන තිබුනට කෝටියක්


බොරවෙලා දියවෙලා
ගලනවා ඔහෙ කානුවේ
හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ
හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්
[2X]

හිනාවෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම්පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කරගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ 
අපිට සැපතක් ලැබෙන්නෑ
[2X]

හීන තිබුනට කෝටියක් 
අතේ නෑ එක රුපියලක්
[2X]

ආදරේ හදපුරා දිව්වට
කිතිකැවී හිත බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපිම විදගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ 
අපිට ආදරේ ලැබෙන්නෑ
[2X]

බොරවෙලා දියවෙලා
ගලනවා ඔහෙ කානුවේ
හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ

හීන තිබුනට කෝටියක් 
අතේ නෑ එක රුපියලක්
[2X]


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...