Wednesday, July 12, 2017

Perawadanak Lyrics |පෙරවදනක් - Sanuka Wikramasinghe


පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

ගී පද - උමා අසේනි
ගී තනු - සනුක වික්‍රමසිංහ සහ සංගීත් වික්‍රමසිංහ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...