Tuesday, July 18, 2017

Saptha Swarayayi Lyrics | සප්ත ස්වරයයි - Rooney



නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් බ මනා ඈ වටා
ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්

සප්ත ස්වරයයි - සුවඳ හමනා

සප්ත ස්වරයයි  සුවඳ හමනා

හිත පුරා විසිරි මුතුලතා

ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුනු
දෑස අභියස නැවතිලා

ඇගෙ නිකිනි සිනහ මල් - කිනිති සැලෙන විට
දැනෙන - දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදේ මම
සිහින - සිහින වින්දෙම්


සප්ත ස්වරයයි - සුවඳ හමනා

සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා

මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැල්
තෙමෙනවා මා ආදරෙන්.

ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට

දැනෙන - දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...